විදුලිසැර වැදී පුද්ගලයෙකුට මරුට

විදුලිසැර වැදී පුද්ගලයෙකුට මරුට

තෙල්දෙණිය, කරල්ලියද්ද ප්‍රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි පුද්ගලයෙකුට විදුලිසැර වැදීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කටුකිතුල, උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

Share This