විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දිනයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

එමෙන්ම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ රාජ්‍ය ආයතන 29ක් සමඟ සයිබර් ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කර ඇති බවත් ඒ වෙනුවෙන් ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කර ඇති බවයි

 

 

 

 

 

Share This