PlayOff වටයෙන් ඉවතට ගිය මුම්බායි ඉන්දියන්ස්

PlayOff වටයෙන් ඉවතට ගිය මුම්බායි ඉන්දියන්ස්

Playoff වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වූ පළමු කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පත්වී තිබෙනවා.

ඒ ඊයේ(08) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරගයකින් අනතුරුවයි.

තරගය පැවැත්වුණේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන් රයිසර්ස් හයිද්‍රාබාද් අතරයි.

ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව මෙම තරගයේ ප්‍රතිඵලයත් සමගම 2024 IPL තරගාවලියේ playoff වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවූ පළමු කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම බවට පත් වූ බව සඳහන්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ දක්වා තරග 12කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණයි.

Share This