කළුවලගොඩ නිවසකින් මළ සිරුරක් හමුවෙයි

කළුවලගොඩ නිවසකින් මළ සිරුරක් හමුවෙයි

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ, කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් වූ කාන්තාවක්.

මෘත ශරීරය නිවසේ ඇඳක් මත තිබී හමුවී ඇති අතර දින කිහිපයකට පෙර මෙම කාන්තාව මියගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

මෙම කාන්තාව පමණක් නිවසේ සිට ඇති අතර, ඇගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව ගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලසි මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This