නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ආර්ථික පරිවර්තන පනත

නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ආර්ථික පරිවර්තන පනත

දිගුකාලීනව රජයක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් ආර්ථික පරිවර්තන පනතක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී අවධාරණය කර තිබෙනවා.

එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත බවයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ.

කුමන රජයක් අනාගතයේ බලයට පැමිණිය ද මෙම ආර්ථිකය යළිත් අගාධයකට ඇද නොදැමීමට එම පනතේ ප්‍රතිපාදන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබදව අවධාරණය කර තිබෙන බව සඳහන්.

Share This