සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට (VIDEO)

සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට (VIDEO)

අද (09) සිට යළි පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමිනුයි

මේ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේ.

ඒ අනුව අද (09) උතුරු මැද පළාත් රෝහල්වලින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ලබන 13දා මධ්‍යම පළාත, 14 වැනිදා සබරගමු පළාත, 15වැනිදා වයඹ පළාත, 16වැනිදා දකුණු පළාත, 20 වැනිදා ඌව පළාත සහ 21 වැනිදා බස්නාහිර පළාත තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

 

 

Share This