අපරාධයකට සම්බන්ධ සැකකරුවන් 3ක්, ගිනි අවියක් එක්ක කොටු

අපරාධයකට සම්බන්ධ සැකකරුවන් 3ක්, ගිනි අවියක් එක්ක කොටු

මෝදර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට අනුබල ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොදර වෙරළ තීරයේදී සහ රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදීයි.

සැකකරුවන් 21,23 සහ 24 යන වයස්වල පසුවන කිඹුලාඇල, බ්ලූමැන්ඩල් සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා

එමෙන්ම එක් සැකකරුවෙකුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී ඔහු තාවකාලිකව පදිංචිව සිටි රාගම ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබ් 02ක් හා ටී 56 වර්ගයේ පතරොම් 265ක්, මිලිමිටර් 09 වර්ගයේ පතරොම් 23ක් හා යතුරුපැදි දෙකක් ද සොයාගෙන තිබෙනවා

Share This