වීසා ගැටලුව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

වීසා ගැටලුව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් හටගත් ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අද (06) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ අනුව නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුව ද අදාළ යෝජනාවලට අයත් වූ බව පෙන්වාදෙන මහජන ආරක්ෂක අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි බැවින් අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව එහිදී ප්‍රකාශ කළා.

අමාත්‍ය ටිරාන් අලස් මහතා දැක්‌වූ අදහස් පහතින්….

Share This