රුපියල ශක්තිමත් වීමෙන් භාණ්ඩ මිල ගණන් අඩුවන ලකුණු

රුපියල ශක්තිමත් වීමෙන් භාණ්ඩ මිල ගණන් අඩුවන ලකුණු

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා කාලයත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා

සිය X ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආර්ථිකය ස්ථාවර වී ඇති බවයි

මෙමගින් උද්ධමනයේ පවතින පීඩනය සමනය කිරීමට හැකි බවයි එහි දැක්වෙන්නේ

එමෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය හඳුනා ගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට ගත් ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක වී ඇති අතර රජය මේ වන විට නව මාවතකට ආර්ථිකය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක යෙදෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ

Share This