සෙනගල් හිදී ගුවන් යානයක් අනතුරක -10 දෙනෙකුට තුවාල-

සෙනගල් හිදී ගුවන් යානයක් අනතුරක -10 දෙනෙකුට තුවාල-

සෙනගල් හි ඩකාර් ගුවන් තොටුපළේ දී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගුවන් යානය ධාවන පථයෙන් ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 85 දෙනෙකු පමණ එහි සිට ඇති අතර බෝයිං 737-300 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරත් සමග ගුවන් යානය ගිනි ගැනීමකට ද ලක්ව ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This