ජනපති අභියෝගය භාර ගත් නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකි වී තිබෙනවා -සාගල රත්නායක-

ජනපති අභියෝගය භාර ගත් නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකි වී තිබෙනවා -සාගල රත්නායක-

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත් නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත්, ඉදිරියේ තිබෙන අභියෝග සඳහා ද මුහුණ දී රට තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවද මෙහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කරමින් කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළකර තිබෙනවා.

Share This