ඊශ්‍රායලයට තනිවම නැගී සිටිය හැකියි – අගමැති නෙතන්යාහු කියයි

ඊශ්‍රායලයට තනිවම නැගී සිටිය හැකියි – අගමැති නෙතන්යාහු කියයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ගාසා තීරයේ රෆා ආක්‍රමණය කිරීමට නියෝග කළහොත් ආයුධ නැව්ගත කිරීම නතර කරන බවට අමෙරිකාව අනතුරු ඇඟවීමෙන් පසු ඊශ්‍රායලයට තනිව නැගී සිටිය හැකි බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

සිවිල් වැසියන්ගේ ජීවිත අවදානම ගැන භීතිය මත අමෙරිකාව පසුගියදා බෝම්බ තොගයක් නැව්ගත කිරීම නවතා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, ඊයේ(09) නෙතන්යාහු ඊශ්‍රායලයේ සමීපතම සගයා වන එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා 1948 යුද්ධය සිහිපත් කළා.

ඔහු කියා සිටියේ වසර 76කට පෙර නිදහස් සංග්‍රාමයේදී, අපි බොහෝ දෙනෙකු අපට එරෙහිව සිටි අතර අවශ්‍ය පමණට ආයුධ නොතිබූ බවයි.

ඊශ්‍රායලයට ආයුධ සම්බාධකයක් පනවා තිබූ නමුත් ඔවුන් අතර තිබූ ආත්මයේ, වීරත්වයේ සහ එකමුතුකමේ විශාල ශක්තියකින් ජයග්‍රහණය කිරීමට හැකිවූ බවයි අගමැතිවරයා පවසන්නේ.

Share This