බේරුවල කුණු කන්දේ ප්‍රශ්නය විසඳීමට අගමැති මැදිහත් වෙයි

බේරුවල කුණු කන්දේ ප්‍රශ්නය විසඳීමට අගමැති මැදිහත් වෙයි

බේරුවල නගර සභා බල ප්‍රදේශය තුළ එකතු වන අපද්‍රව්‍ය, වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන් මතුව ඇති බරපතළ සෞඛ්‍ය ගැටලුව විසඳීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවත්වී තිබෙනවා.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු අංශවලට උපදෙස් දුන්නේ, එළඹෙන සතියේ අඟහරුවාදා (14) බේරුවල ප්‍රදේශයට ගොස් පරික්ෂා කර බලා, එම කසළ කන්ද වහාම ඊට සුදුසු ස්ථානයකට බැහැර කිරීම සඳහා කටයුතු කරන ලෙසයි.

පසුව කසළ නිවැරදිව වර්ගීකරණය කර ඒවා නිසි ලෙස බැහැර කර ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

Share This