Miss Japan ලෙසින් ජයගත් තරුණියගේ කිරුළ අහිමි වෙයිද?

Miss Japan ලෙසින් ජයගත් තරුණියගේ කිරුළ අහිමි වෙයිද?

යුක්‍රේනයේ උපත ලද Carolina Shiino තරුණිය Miss Japan කිරුළ හිමි කරගැනීමත් සමග එය එරට විවාදයකට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී ඇයගේ ජයග්‍රහණයට එරෙහිව වාර්ගික බාධා පැනනැගී ඇති අතර, මෙම තරුණිය ජපන් ජාතිකයෙකු ලෙස පිළිගැනීම අභියෝගාත්මක බවයි ඇතැමුන් සඳහන් කරන්නේ.

යුක්‍රේනයේ උපත ලැබූ 26 හැවිරිදි Carolina Shiino වයස අවුරුදු පහේදී ජපානයට ගොස් Nagoyaහි ජීවත්වී තිබෙනවා.

වෙනත් රටක උපත ලබා Miss Japan තරගය ජයගත් පළමු ජපන් පුරවැසියා ඇයයි.

ඇතැමුන් ඇයගේ ජයග්‍රහණයට පක්ෂව අදහස් දැක්වුවත් තවත් සමහරු පවසන්නේ ඇය “ජපාන රූ රැජිනක්” ලෙසින් නොපෙනෙන අතර ඇයව පිළිගත නොහැකි බවයි.

මීට පෙර 2015 වසරේ ජපානයේ රූ රැජින කිරුළ හිමිකරගත් පළමු ද්විත්ත්ව පුරවැසි කාන්තාව බවට Ariana Miyamotoට වසර 10කට පමණ පසුවයි.

කෙසේවෙතත් Ariana මවිපිය්න්ගේ එක අයෙකු ජපන් ජාතිකයෙකු වූ අතර Carolina Shiino තරුණියගේ මව්පියන්ට ජපන් සම්භවයක් නොමැති වීම මෙම නොපිළිගැනීමට හේතු වී තිබෙනවා.

Share This