උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 17 වනදා දක්වා

උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 17 වනදා දක්වා

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12තෙක් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ඇති බවයි සඳහන් වන්නේ.

මාර්ගගත ක්‍රමයට සම්පූර්ණයෙන් කර බාගත කරන ලද අයදුම්පතේ Time Table යටතේ ඇති කොටස අදාළ ගුරුවරයාට ලබාදී ඇති පිරිවෙනේ කාල සටහන නිවැරදි බවට පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ හෝ ප්‍රධානාචාර්ය විසින් සහතික කළ යුතු වනවා.

එම නිවේදනය පහතින්,

Share This