මත්පැන් නිෂ්පාදනය පිළිබඳව ඇමති සියඹලාපිටිය කියන කතාව

මත්පැන් නිෂ්පාදනය පිළිබඳව ඇමති සියඹලාපිටිය කියන කතාව

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි.

2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

තවද 2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් නිකුත් කරනු ලබන රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය කිසිදු අවස්ථාවක මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය නොකරන බව කියා සිටි අමාත්‍යවයා පෙන්වා දුන්නේ මධ්‍යසාර බලපත්‍ර ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි.

මධ්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මධ්‍යසාරවලින් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහා කර සිටියේ.

Share This