සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා

ඒ අනුව රුපියල් 1060ට පැවති ලංකා සතොස කිරිපිටි රුපියල් 935ක් ලෙස රුපියල් 125කින් පහළ දමා ඇති අතර, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,175ක් ලෙස රුපියල් 15කින් අඩු කර තිබෙනවා.

එමෙන්ම සුදු කැකුළු කිලෝවක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195ක් වනවා.

මීට අමතරව, සුදු සීනි කිලෝවක් රුපියල් රුපියල් 270ක් වන ලෙස රුපියල් 3කින් අඩු කර තිබෙනවා

Share This