කටුනායක සිද්ධිය ගැන ඉන්දියාව කරන දැනුම්දීම (VIDEO)

කටුනායක සිද්ධිය ගැන ඉන්දියාව කරන දැනුම්දීම (VIDEO)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.

මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමකයි මෙම තත්ත්වය හටගෙන තිබුණේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබුවා.

Share This