අමෙරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබාදීම නවතයි

අමෙරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබාදීම නවතයි

අමෙරිකාව පසුගිය සතියේ ඊශ්‍රායලයට බෝම්බ ප්‍රවාහනය කිරීම නවතා දමා ඇති බව හෙළි කර තිබෙනවා.

ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාවේ කනස්සල්ල ප්‍රකාශ කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සතියේ බෝම්බ 1,800ක් හා බෝම්බ 1,700ක් දෙවරකට නැව්ගත කිරීමට තිබූ බව අමෙරිකාව සඳහන් කර තිබෙනවා.

Rafah හි සිවිල් වැසියන්ගේ මානුෂීය අවශ්‍යතා පිළිබඳ එක්සත් ජනපදයේ ඉල්ලීම්වලට ඊශ්‍රායලය එකඟ වී නොමැති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය රෆාහි ප්‍රධාන භූමි මෙහෙයුමක් දියත් නොකළ යුතු බවයි

එම ප්‍රදේශය තුළ මිලියනයකට අධික ජනතාවක් යාමට වෙනත් තැනක් නොමැතිව නවාතැන් ගෙන ඇති බවයි අමෙරිකාව සඳහන් කරන්නේ.

 

Share This