මෙරට ජනගහනයෙන් 10% ත් 15%ත් අතර පිරිසක් ඇදුම රෝගීන් බවට අනාවරණයක්

මෙරට ජනගහනයෙන් 10% ත් 15%ත් අතර පිරිසක් ඇදුම රෝගීන් බවට අනාවරණයක්

මෙරට ජනගහනයෙන් 10% ත් 15%ත් අතර පිරිසක් ඇදුම රෝගය හේතුවෙන් පීඩා විදින බව ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පවසනවා

ඔහු පැවසුවේ ඇදුම රෝගය නිසා කුඩා දරුවන්, ‍තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඉතා විශාල මානසික සහ ශාරීරික අපහසුතාවයන්ට මුහුණ දෙන බවයි

ඇදුම රෝගීන්ගෙන් 95% ක් පමණ සරල, ඉතා ලාභදායී ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත ඖෂධ මගින් පාලනය කළ හැකි අතර නිසි ආකාරයට
ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් ඇතැම් විට මරණය පවා සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා සඳහන් කළේ

කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස වසරකට ලෝකය පුරා ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් ඇදුම රෝගය නිසා මිය යන බව සඳහන්.

එමෙන්ම ලෝක ඇදුම රෝග දිනය මැයි 07 වනදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනන් ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබෙනවා

Share This