ප්‍රංශයට ගෙන ආ ඔලිම්පික් ගිනිසිළුව

ප්‍රංශයට ගෙන ආ ඔලිම්පික් ගිනිසිළුව

පැරිස් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින 79කට පෙර ඔලිම්පික් ගිනිසිළුව දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රංශයේ දකුණු වරාය නගරයක් වන මාර්සෙයිල් වෙත පැමිණ තිබෙනවා.

ග්‍රීසියේ සිට දින 12 ක සංචාරයකින් පසු වසර 128 ක් පැරණි බෙලෙම් නැමති ත්‍රිමාණ රුවල් නෞකාවේ සිට පන්දම ගොඩබෑමට ගෙන ගියේ ප්‍රංශයේ 2012 ඔලිම්පික් පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිනුම් ශූර ෆ්ලොරන්ට් මැනෝඩෝ විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව එය පංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු 150,000ක ජනතාවක් ඉදිරියේ 2016 දී පැරාලිම්පික් මීටර් 400 ශූරයා වූ මලල ක්‍රීඩිකාවක් වන නැන්ටනින් කීටා වෙත භාර දී තිබෙනවා.

ප්‍රංශයේ වෙත ඔලිම්පික් ගිනිසිළුව භාරදීම සූදානමේ අවසානය සනිටුහන් කරනවා.

ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශ ජනතාවගේ දැකගත හැකි වීම භාග්‍යයක් බවයි.

ඔලිම්පික් ගිනි සිළුව අද(09) මධ්‍යධරණී වෙරළබඩ නගරයෙන් පිටත් වී ප්‍රංශය වටා ගොස් ජූලි 26 වන දින සමාරම්භක උත්සවය සඳහා පැරිසියට ගෙන ඒමට නියමිතයි.

මේ ඓතිහාසික අවස්ථාවට බෝට්ටු 1,000කට වැඩි ප්‍රමාණයකින් මාර්සෙයිල් වරාය වෙත එක්කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මර්සෙයිල් නගරය මේ වනවිට පෙර නොවූ විරූ ලෙස විශාල ආරක්‍ෂිත තත්ත්වයන් යටතේ පවතින බවයි වාර්තා වන්නේ.

 

Share This