ගුද මාර්ගයේ සඟවා හෙරොයින් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ගුද මාර්ගයේ සඟවා හෙරොයින් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ගුද මාර්ගයේ සගවාගෙන රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ හදිසි වැටලීමකදීයි අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක සැක කටයුතු පුද්ගලයෙකු ගමන් කරන බවට ලැබුණු තොරතුරක් මත එම බස් රථය තණමල්විල පොලිස් ස්ථානය අසලදී නතර කර අදාළ පුද්ගලයා පරික්ෂාවට කර තිබුණා

එහිදී මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සැක කටයුතු කරුණු රැසක් අනාවරණය වී ඇති අතර අනතුරුව ඔහු තණමල්විල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තවදුරටත් පරික්ෂාවට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔහු සතුව තිබී සොයාගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධිකවන අතර සැකකරු කොල්ලකෑම්, සොරකම් ඇතුළු අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව සිටි අයෙක් බවටද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පානම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතරක පුද්ගලයකු වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This