ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක්

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක්

2024 – 2025 සඳහා ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල 20ක් අලුතින් ආරම්භ කරන බවයි

විශේෂයෙන්ම අධ්‍යාපනය පිළිබඳව කුසලතාවය දැක්වූවත් පවුලේ ආදායම් ප්‍රමාණවත් නොවීම, අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව අහිමිවීමට හේතුවක් නොවිය යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඒ අනුව රජය රටේ ආර්ථික අර්බුදය විසඳන අතර දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ද කැපවී සිටින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

Share This