ජනපති රනිල්ගේ නායකත්වය යටතේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණයමය යුගයක්

ජනපති රනිල්ගේ නායකත්වය යටතේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණයමය යුගයක්

විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය යුගයක් බිහි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට හැකිව තිබෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ප්‍රකාශ කළා

අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ පසුගිය සති කිහිපය පුරාවට මෙරටට පැමිණි බලවත් රටවල රාජ්‍ය නායකයින්, විදේශ රාජ්‍ය නියෝජිතවරුන් පැමිණීමත් ඔවුන් මෙරටේ ඉදිරි අනාගතය පිළිබඳව සාධනීය ලෙස තැබිය හැකි ඉදිරි පියවරයන්ට අනුග්‍රහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි

මෙරට ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතාගේ මෙරටට සම්ප්‍රාප්තියත් සමඟ උමා දිය ජනනී බහුකාර්ය ජල ව්‍යාපෘතිය ආරම්භ වීමත්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මියගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලැබීමට ද නියමිතව ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා

වර්තමාන රජය ඉතාම සුහඳව වෙනත් රටවල් සමඟ කටයුතු කරන බවත්, එමඟින් මෙරට ආර්ථිකයේ ඉදිරි කටයුතු කෙරහි සාධනීය පියවර රැසක් තැබීමට හැකියාව ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි පැවසුවා

එමෙන්ම, පසුගිය දා එක් දින නිල සංචාරයක නිරත වූ ජපාන විදේශ අමාත්‍යවරිය විසින් වඩාත් ඵලදායක සාකච්ඡා වට කිහිපයක් ජනාධිපති සහ අගමැති අතර පැවතුණු බවත්, එහි දී මෙරට ආර්ථිකය යථාතත්වයට ගැනීම, විවිධ ජන කොට්ඨාස අතර සංහිදියාව ඇති කිරීම, කලාපීය වශයෙන් සිදු වන අභියෝග කෙරෙහි රජය ක්‍රියාත්මක වන ආකාරය පිළබඳව ද විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා

ජපන් ආධාර මත මෙරට ක්‍රියාත්මක වීමට තිබූ ව්‍යාපෘති 12ක් මේ වන විට නවතා දමා තිබෙන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මනින් සිදු කර ආර්ථිකය නැවත කඩා නොවැටෙන ලෙස පවත්වාගෙන කළමනාකරණය කරගෙන යන බවට සහතික වන්නේ නම් නැවත එම ව්‍යාපෘති මෙරටට ලබා ගත හැකි බවට ජපන් විදේශ අමාත්‍යවරිය පවසා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා

Share This