තවත් වසරක් දෙකක් යනකම් මැතිවරණ එපා කියලා ජනතාව ඉල්ලනවා

තවත් වසරක් දෙකක් යනකම් මැතිවරණ එපා කියලා ජනතාව ඉල්ලනවා

මැතිවරණ නොපවත්වා තවත් වසර දෙකක කාලයක් මෙලෙස කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දෙවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (8) එක් වෙමින්

එහෙත්, ව්‍යවස්ථානුකූලව එලෙස ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි නායකයෙක් යළිත් බලයට පත්කරන එක ජනතාවගේ වගකීමක් බවත් දැක්මක් නොමැති මිනිස්සුන්ට අත්හදා බලන්න රටක පාලන බලය ලබා නොදිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළා

Share This