බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න -ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්-

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න -ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්-

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් ඇතුළු සෙසු ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

අදියර තුනක් යටතේ බිංගිරිය කර්මාන්ත කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත යටිතල පහසුකම්වල සැලකිය යුතු ප්‍රමාණයක වැඩ කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළැඹෙන ජුනි මාසයේදී අදාළ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණීමට තමා අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කර සිටියේ.

 

Share This