ගෝඩා කසිප්පු උපකරණ සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

ගෝඩා කසිප්පු උපකරණ සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

 

ආරච්චිකට්ටුව බුරුතකැළේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුකරගෙන යනු ලබන කසිප්පු ස්කාගාර 4ක් වටලා ගෝඩා තොගයක් සමග උපකරණ අමුද්‍රව්‍ය සහ පුද්ගලයන් සිව් දෙනෙකු අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙසඅත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව, බුරුතකැළේ ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකු බවයි හලාවත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසන්නේ.

එම ස්ථානයේ තිබූ ගෝඩා තොගය භාවිතා කරමින් කසිප්පු ලීටර් 6000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව පොලිසිය පවසනවා.

එමෙන්ම සියලු සැකකරුවන් සමග නඩුභාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This