අනවසරයෙන් විදුලිය ගැනීම් ගැන දැනුම්දීමට අංකයක්

අනවසරයෙන් විදුලිය ගැනීම් ගැන දැනුම්දීමට අංකයක්

විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් ගැන 1987 අංකය ඔස්සේ දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනවසර විදුලි රැහැන් ඇදීම හේතුවෙන් 2023 වසරේදී අලි ඇතුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

එමෙන්ම 2023 වසරේදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් 474 දෙනෙකු මරණයට පත්වී තිබෙනවා.

ගණනය කිරීම්වලට අනුව වන අලි 6000ක් පමණ ශ්‍රී ලංකාවේ වෙසෙන අතර ඉන් මෙම මරණ සිදුවී ඇති බව සඳහන්.

මෙම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා ජනතාවගේ සහයෝගය ද අවශ්‍ය බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

Share This