දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 823ක් සහ සැකකාරියන් 17ක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 823ක් සහ සැකකාරියන් 17ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක විෂ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම්වලින් සැකකරුවන් 823ක් සහ සැකකාරියන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (27) දිනයේ වැටලීම් 840ක් සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 41 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතවයි

එමෙන්ම, සැකකරුවන් 22 දෙදෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ

මීට අමතරව සැකකරුවන් 27 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටයි නියමිතව ඇත්තේ

Share This