IMF සහ ලෝක බැංකුවේ වසර මැද “Spring Meetings” සමුළුව අදින් ඇරඹෙයි

IMF සහ ලෝක බැංකුවේ වසර මැද “Spring Meetings” සමුළුව අදින් ඇරඹෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) හා ලෝක බැංකුවේ “වසර මැද Spring Meetings” සමුළුව අද (15) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වන මෙම සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුලු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එහිදී අත්‍යාවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවල නිරතවීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම රජයේ මූලික අරමුණ වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

ඒ අරමුණ පෙරදැරි කොටගෙන ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට බවලපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

රජයක් ලෙස හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමට හැකි බව විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් අදින් ඇරඹෙන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ “Spring Meetings” සමුළුව හරහා හැකියාව ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This