පාකිස්ථාන නව මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුව

පාකිස්ථාන නව මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුව

ශ්‍රී ලංකාව සඳහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිවරයා ලෙස අභිනවයෙන් පත්වූ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම්-උල්-අසීස් මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති එම හමුවේදී දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

එමෙන්ම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා දෙරටේ ආර්ථික සහයෝගීතාව සම්බන්ධ පුහුණු අවස්ථා මෙන්ම අන්‍යොන්‍ය වගකීම් ඉහළ නැංවීම පිළිබඳව එම හමුවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Share This