කවුරු කොහොම කිව්වත් අපි ආක්‍රමණ නවත්වන්නේ නැහැ – ඊශ්‍රායල අගමැති

කවුරු කොහොම කිව්වත් අපි ආක්‍රමණ නවත්වන්නේ නැහැ – ඊශ්‍රායල අගමැති

හමාස් සංවිධානය සමග සටන් විරාම සාකච්ඡා නොතකා ඊශ්‍රායලය දකුණු ගාසා නගරය වන රෆා ආක්‍රමණයක් දියත් කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඔහු එසේ ප්‍රකාශ කරන්නේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට පවතින උත්සාහයන් මධ්‍යයේ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් සමග පැවති රැස්වීමකදී නෙතන්යාහු කියා සිටියේ තමා ගිවිසුමක් ඇතිව හෝ නැතිව ගාසා තීරය ආක්‍රමණය කරන බවයි.

කෙසේ වෙතත් රෆා ආක්‍රමණය කිරීමේදී සිවිල් ජීවිතවලට හානි සිදු නොකරන ලෙස අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.

නෙතන්යාහු තරයේ කියා සිටියේ ඊශ්‍රායලය රෆාහි සිය සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් යුද්ධය දිගටම ක්‍රියාත්මක කරන බවයි.

Share This