විදුලි බලාගාර ආශ්‍රිතව සිදුවන මාෆියාවක් ගැන රාජ්‍ය ඇමති කරන හෙළිදරව්ව

විදුලි බලාගාර ආශ්‍රිතව සිදුවන මාෆියාවක් ගැන රාජ්‍ය ඇමති කරන හෙළිදරව්ව

විදුලි බලාගාර සඳහා බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයින් බලාගාර ආරම්භ නොකර ඒවා විශාල මුදලකට වෙනත් පාර්ශ්වයන්ට අලෙවි කිරීම සඳහා කල්මරමින් සිටින මාෆියාවක් ද නිරීක්ෂණය වී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඒ අනුව බලාගාර කඩිනම් කිරීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහිදී ඔවුන්ට නිසි වේලාවට අනුමැතිය ලබාදී ලකුණු ක්‍රමයක් මඟින් නිෂ්පාදනය කරන විදුලිය කඩිනමින් ජාතික පද්ධතිය එකතු කරගැනීම සඳහා වැඩසටහනක් සැලසුම් කර ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම වහල මත ඉදිකරන ලද මෙගවෝට් 05 සිට 500 දක්වා සූර්ය පැනල ව්‍යාපෘති මඟින් පසුගිය සමයේ මාසිකව ලබා ගැනීමට හැකිවුණේ මොගාවොට් 22ක පමණ ප්‍රමාණයක් පමණක් වන අතර මේ තත්ත්වය පිළිබඳව නිසි අධ්‍යයනයකින් පසු පසුගිය මාර්තු මාසය වන විට එම ප්‍රමාණය මෙගාවෝට් 40 දක්වා වැඩි කර ගැනීමට හැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Share This