අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තවමත් ගාසාවේ සිටින බව හෙළිවෙයි (VIDEO)

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තවමත් ගාසාවේ සිටින බව හෙළිවෙයි (VIDEO)

ගාසා තීරයේ රඳවාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු තවමත් ජිවත් වන බවට සාක්ෂි ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එම ප්‍රාණ ඇපකරුවන් සිටින වීඩියෝවක් හමාස් සටන්කාමීන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

බලහත්කාරයෙන් ඔවුන්ව රූගත කර ඇති බව වීඩියෝවලින් දක්නට ලැබෙන බව සඳහන්.

එහි සිටි ඔම්රි මිරාන් පවසන්නේ ඔහු දින 202 ක් රඳවාගෙන ඇති බවයි.

එමෙන්ම අනෙක් පුද්ගලයා වන කීත් සීගල් එම වීඩියෝවේ සතියේ පාස්කු නිවාඩුව ගැන සඳහන් කරන අතර, එමගින් එය මෑතකදී රූගත කළ ඒවා බව නිගමනය කළ හැකියි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානයේ මාරාන්තික ප්‍රහාර දියත් කළ විට මේ දෙදෙනාව ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ පවුල් පවසන්නේ ඔවුන්ව නැවතත් ගෙන්වා ගැනීම සඳහා දිගටම සටන් කරන අතර නව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් තහවුරු කරන ලෙස ඔවුන් ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටිනවා.

නව වීඩියෝව පැමිණ ඇත්තේ ඊශ්‍රායලයේ සටන් විරාමයක් සඳහා වන නවතම යෝජනාව අධ්‍යයනය කරමින් සිටින බව හමාස් සංවිධානය ප්‍රකාශ කිරීමත් සමගයි.

Share This