ඉන්ධන මිල අඩු වෙයි

ඉන්ධන මිල අඩු වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 368ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 420ක් ලෙසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති බව සදහන්.

ඒ අනුව එහි නව මිල රුපියල් 333ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 377ක් ලෙසයි දැක්වෙන්නේ

එමෙන්ම භූමිතෙල් මිල රුපියල් 30කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 215ක් ලෙසයි දැක්වෙන්නේ.

Share This