මහවැලි ගොවි ජනතාවට සුහුරු තාක්ෂණය හඳුන්වාදීමට පියවර

මහවැලි ගොවි ජනතාවට සුහුරු තාක්ෂණය හඳුන්වාදීමට පියවර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය වී ඇත්තේ නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවි ජනතාව සූදානම් කිරීම බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ අනුව අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, සාම්ප්‍රදායික යල් පැන ගිය කෘෂිකර්මාන්තයට තිත තබා නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු කෘෂිකර්මාන්තයට ගොවි ජනතාව හැඩ ගැස්විය යුතු කාලය එළඹ ඇති බවයි.

රත්නපුර මහවැලි වලව විශේෂ බලප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ආරම්භ කළ සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන10 ක මුදලක් ලබා දී ඇති බවත් එය මහවැලි ගොවි ජනතාව ලද ජයග්‍රහණයක් බවත් වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩි දියුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 20000ක් බෙදා හැරීමටද පියවර ගෙන තිබෙන බව සඳහන්.

Share This