අද කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

අද කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (27) පස්වරු 5.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත ප්‍රදේශවලට අද පස්වරු 5.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කළ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරන්නේ.

Share This