ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වරණීය වෙළඳ ගිවිසුමකට සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වරණීය වෙළඳ ගිවිසුමකට සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව සමග එළඹීමට නියමිත වරණීය වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ මෙරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඉන්දුනීසියානු වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා අතරයි.

එහිදී සාකච්ඡා ක්‍රමවේදය, අදාළ දත්ත හුවමාරු කර ගැනීමේ කාලරාමුව, විෂයපථය සහ ආවරණය වන ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දෙවන රැස්වීම එළඹෙන ජුනි 19 සහ 20 යන දිනවලදී කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

Share This