මාන්කුලමේ අනතුරකින් යුද හමුදා සෙබළෙකු මරුට – 9කට තුවාල

මාන්කුලමේ අනතුරකින් යුද හමුදා සෙබළෙකු මරුට – 9කට තුවාල

අද (26) අලුයම මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයක් අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසනවා.

එම අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් 10 දෙනෙකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් සෙබළෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

අනතුර සිදුවී ඇත්තේ කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් කැබ් රථයේ ගැටීමෙන්.

අනතුරත් සමග කැබ් රථයේ පිටුපස ගමන් කළ එක් සෙබළෙකු රථයෙන් විසිවී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This