මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කඩුවෙල – බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පමණ තිබූ බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි බියගම පොලිසිය සඳහන් කරන්නේ.

Share This