හොඳට වතුර බොන්න – අව්වේ මහන්සි වෙන්න එපා

හොඳට වතුර බොන්න – අව්වේ මහන්සි වෙන්න එපා

අද (27) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ යන බව සඳහන්.

මේ නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This