හමාස් නායක ඉරානයට

හමාස් නායක ඉරානයට

හමාස් නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානය වෙත යාමට නියමිතව තිබෙනවා.

ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ඔහු ඉරානය වෙත යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔක්තෝබර් 07 වනදා හමාස් – ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව හමාස් නායකයා ඉරානය ට යන දෙවැනි අවස්ථාව මෙය වනවා.

ගාසා තීරයේ ගැටුම් සඳහා වහාම සටන් විරාමයක් අවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊයේ සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් ද හමාස් නායකයා සිය ප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This