ටිරාන් අලස් ඉවත් කරන ලෙස නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

ටිරාන් අලස් ඉවත් කරන ලෙස නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

පසුගියදා කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු කඳවුරේ විසිර යාමේ පෙළපාලියේදී අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා විසින් ”අපරාධකරුවන් රටින් තුරන් කිරීම පාපයක් නොවේ, ඔබේ අතේ ඇති ආයුධය භාවිතා කිරීමට බිය නොවන්න. හරි දේ සඳහා අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිමු” යන ප්‍රකාශය සිදුකළ බවත් සිය සභා රැස්වීමේදී එම ප්‍රකාශය හෙළාදකින බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

මෙහිදී එවැනි ප්‍රකාශයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාපිත අපරාධ යුක්ති ක්‍රියා පටිපාටියට පටහැනි මූලික මූලධර්මවලට පටහැනි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන් සඳහන් කරනවා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ඔහු ධුරයෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය දණ්ඩමුක්තිය සහ නීතියේ ආධිපත්‍යය නොතකා හැරීම පිළිබඳව නැවත නැවතත් දිරිමත් කිරීම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ කාර්යභාරයට නුසුදුසු බවට පත් කරන බවද ජනාධිපතිවරයාට අවධාරණය කර තිබෙනවා.

Share This