කිව්.ආර් කේතය සහිත නව ජාතික හැඳුනුම්පතක් (VIDEO)

කිව්.ආර් කේතය සහිත නව ජාතික හැඳුනුම්පතක් (VIDEO)

පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

ඒ අනුව දැනට තිබෙන ජාතික හැඳුනුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත්කොට ඒ වෙනුවට කිව්.ආර් කෝඩ් සමඟ නව හැඳුනුම්පත ළඟදීම ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුව්

එමෙන්ම ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340ක් ඇති බවත්, රජයට මුදල් ප්‍රශ්න ඇති නමුත් රට පුරා කාර්යාල විවෘත කර ජනතාවට සේවය ලබාදීමට කටයුතු කරන බවත්, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා

 

 

Share This