ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර දිවයින පුරා ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම අනුවයි එය දීර්ඝ කර ඇත්තේ

“Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි ජාති, ආගම් බේදයකින් තොරව දිවයින පුරා ජනතාව ඒ සමඟ අත්වැල් බැඳ ගත්තා

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දුන් අතර ඉතිරි පරිත්‍යාගද ඉදිරියේ දී නිල වශයෙන් පලස්තීන රජය වෙත භාරදීමට නියමිතයි

Share This