ආර්ථික අර්බුදය ගැන පාර්ශව තුළ තිබූ සැකය අවසන් වෙලා ඉදිරි මාස තුනේදී ආර්ථිකය තවත් ශක්තිමත් -ඇමති ශෙහාන් සේමසිංහ-

ආර්ථික අර්බුදය ගැන පාර්ශව තුළ තිබූ සැකය අවසන් වෙලා ඉදිරි මාස තුනේදී ආර්ථිකය තවත් ශක්තිමත් -ඇමති ශෙහාන් සේමසිංහ-

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවට මෙම විශ්වාසය සිය කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරන බවයි.

ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් වෙනස්කම් සිදු කරමින් රට නිසි මාර්ගයට අවතීර්ණ කිරීමේ කාර්යයට උර දුන් සියලු පාර්ශවයන්ට නිසි ගෞරවය හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වසරේ පළමු මාස 04 අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 757,000 ඉක්මවා ගොස් ඇතැයි කියා සිටි අමාත්‍යවරයා විදේශ සංචිත ප්‍රමාණය ඉක්මවීමට එය ප්‍රධාන සාධකයක් බවයි පෙන්වා දෙන්නේ.

ඉදිරි මාස තුනක කාලය තුළ ආර්ථිකය තව දුරටත් ශක්තිමත්වන බවත් ජනතාවට තවදුරටත් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ වාසිය ලැබෙනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

Share This