කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන ජාවාරමක් වලානෙන් වටලයි

කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන ජාවාරමක් වලානෙන් වටලයි

විදේශයන්හි සිට ආනයනය කරන යතුරුපැදි කොටස් යොදා ගනිමින් යතුරුපැදි එකලස් කර ව්‍යාජ ලියවිලි සහිතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලා ගැනීමට වලාන දූෂණ මර්දන අංශය සමත් වී තිබෙනවා.

කුරුණෑගල, වාරියපොල, මාස්පොත හා නාත්තන්ඩිය කේන්ද්‍රකර ගනිමින් රජයට හිමිවිය යුතු කෝටි ගණනක බදු මුදල් අහිමි කරමින් මෙලෙස යතුරුපැදි එකලස් කර විකුණන මධ්‍යස්ථාන 4ක් සහ විකිණීමට තිබූ රුපියල් කෝටි 20ක් වටිනා යතුරු පැදි 45ක් ද වටලා ඇති බව සඳහන්.

මෙම වාහන ජාවාරමට හසුවී මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකිව මහජනතාව අසරණව සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා සිදු කළ ආවේක්ෂණ රාජකාරිවලින් පසු මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය බළකායේ කණ්ඩායම් 04ක් යොදවා යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙම මෙහෙයුම් සිදුකර තිබෙනවා.

මෙම යතුරුපැදි අලෙවි කරනු ලබන මධ්‍යස්ථානවල හිමිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයන කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් යතුරුපැදි අමතර කොටස් වශයෙන් ගෙන්වා එකලස් කර තම මධ්‍යස්ථාන වෙත විකිණීම සඳහා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්. .

එක් යතුරුපැදියක් ලක්ෂ 3ත් 5ත් අතර මිලකටයි අලෙවි කර ඇත්තේ.

ජාවාරම්කරුන් විසින් මෙම යතුරුපැදි ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි බවට ලියාපදිංචි කිරීම සඳහා කූඨ ලේඛන සකස් කර ඉදිරිපත් කරන බවට අනාවරණය වූ කරුණු මත වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

Share This