සහගහන අපරාධයක්.. බස් ගාස්තු වැඩි කිරීමට ගැමුණු විරුද්ධ වෙයි ..පුළුවන් නම් වැඩි කරලා පෙන්වන්න  – අංජනට අභියෝගයක්

සහගහන අපරාධයක්.. බස් ගාස්තු වැඩි කිරීමට ගැමුණු විරුද්ධ වෙයි ..පුළුවන් නම් වැඩි කරලා පෙන්වන්න – අංජනට අභියෝගයක්

පසුගිය කාලයේ 90%ක් බස් ගාස්තු වැඩි කර ඇති බව පුද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (29) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීම සහගහන අපරාධයක් බවයි.

“මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි කාලයක් මේ.අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීම ජනතාව කබලෙන් ලිපට දැමීමක්.අපි වැඩි කරන්න දෙන්නේ නැහැ..සහගහන අපරාධයක්.90%ක් පසුගිය කාලයේ ගාස්තු වැඩි කරලා තියෙනවා.” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා.

මේ අතර පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අංජන ප්‍රියන්ජිත් මහතා ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් කියා සිටියේ අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ යන බවයි.

ඒ පිළිබඳව ඇති වූ සංවාදය පහතින් නැරඹිය හැකියි.

Share This