ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්

ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවයි ඔහු පවසන්නේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

Share This