සහල් සිද්ධිය ගැන සොයන්න පරීක්ෂණයක්

සහල් සිද්ධිය ගැන සොයන්න පරීක්ෂණයක්

රජය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ ලබා දුන් සහල් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසයි

එමෙන්ම ඉදිරියේදී මෙම වැඩසටහන විධිමත්ව සිදු වන්නේ ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් යෙදවීමට ද කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්

කෙසේ වෙතත් රජය විසින් නොමිලේ ලබා දුන් සහල් ප්‍රමිතියෙන් තොර බවටයි ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණේ

Share This